ඔස්ටේ්‍රලියාවේ විදුලි සංදේශ නීතිවල වෙනසක්

මිලියන 10 ක පමණ පාරිභෝගිකයන්ට බලපෑම් එල්ල කරමින් ඔප්ටස් සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරයත් සමග මෙරට විදුලි සංදේශ ක්ෂේත්‍රයට අදාළ නීති සහ රෙගුලාසි කිහිපයක් සංශෝධනය කිරීමට ෆෙඩරල් රජය තී්රණය කර තිබෙනවා.

ඒ අනුව විදේශ ගමන් බලපත් අංක – රියදුරු බලපත් අංක සහ දත්ත, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සමග හුවමාරු කරගැනීමට දුරකථන සමාගම් ඇතුලු විදුලි සංදේශ ආයතන සඳහා අවස්ථාව උදාවනවා.

කිසියම් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ අවස්ථාවකදී අදාළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් ඇතුලු අනෙකුත් සංවේදී තොරතුරු ආරක්ෂා කරගැනීමට ඒ හරහා අමතර ප්‍රතිපාදන ලැබෙනු ඇති.

කිසියම් වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී ෆෙඩරල් රජයේ සහ ප්‍රාන්ත රජයන්හි විමර්ශන අංශ වෙත තොරතුරු ලබාදීමටත් නව රෙගුලාසි හරහා විදුලි සංදේශ සමාගම් වෙත අවස්ථාව හිමිවන බවයි ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් කියාසිටියේ.

තවදුරටත් අවශ්‍ය නොවන පුද්ගලික දත්ත ගබඩා කර ගැනීමකින් තොරව විනාශ කිරීම තවත් යෝජනාවක්.

ඉදිරි මාස 12 සඳහා මෙම නව රෙගුලාසි බලාත්මක වන අතර තවත් දීර්ඝ කරන්නේද යන්න අනතුරුව විමසා බැලීමට නියමිතව තිබෙනවා.

මෙම රෙගුලාසි බලාත්මක කිරීමට පෙර නීතිපතිවරයාගේ අනුමැතිය හිමිවිය යුතු බවත් ෆෙඩරල් භාණ්ඩාගාරිකවරයා සඳහන් කලා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »