ඔස්ටේ්‍රලියාවේ වැඩිම සේවක හිගයක් ඇති අලුත්ම රැකියා ලැයිස්තුව මෙන්න

ඔස්ටේ්‍රලියාව තුළ ක්ෂේත්‍ර රැසක සේවක හිගය 2021 වසර හා සැසඳීමේදී මෙම වසරේදී දෙගුණ වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

ජාතික කුසලතා කොමිසම නිකුත් කල නවතම වාර්තාවට අනුවයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

පසුගිය වසරේදී දැඩි සේවක හිගයක් පැවති වෘත්තීන් සංඛ්‍යාව 153 ක් වූ නමුත් මෙම වසරේදි එය 286 ක් දක්වා ඉහළගොස් ඇති බවයි මෙමගින් තහවුරු වී ඇත්තේ.

එනම් ඔස්ටේ්‍රලියාව තුළ දැනට පවතින වෘත්තින් අතුරින් 1/3 ක පමණ දැඩි සේවක හිගයක් පවතින බව සඳහන්.

ලියාපදිංචි හෙදියන් – මෘදුකාංග ඉංජිනේරුවරුන් සහ සාත්තු සේවකයන් මේ අතුරින් පෙරමුණ ගෙන සිටින අතර ඉදිකිරීම් කළමණාකරුවන් – child care සේවකයන් සහ මෝටර් කාර්මික ශිල්පීන්ගේ දැඩි හිගයක්ද පවතින බව ජාතික කුසලතා කොමිසම පවසනවා.

දැනට ඔස්ටේ්‍රලියාව තුළ ලියාපදිංචි හෙදියන් 9266 කගේ හිගයක් පවතින අතර සමස්ත පුරප්පාඩු සංඛ්‍යාව 309,000 ක් පමණ වනවා.

මේ අතර ඔස්ටේ්‍රලියාව තුළ පවතින දැඩි සේවක හිගය මගහරවාලීම සඳහා Jobs and Skills Australia නමින් නව ආයතනයක් පිහිටුවීමටද ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

රෝගී සැමියා අවසන් ගමන් යවන්න හැදූ බිරිඳට වැඩ වරදී

ඩිමෙන්ශියා රෝගයෙන් පෙළුණු තම සැමියා එන්නතක් ශරීර ගත කර ඝාතනයට තැත් කළ කාන්තාවක් පිළිබඳ පුවතක් බටහිර ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

Read More »

තරුණයන්ට දුම් පානය කිරීමට නොහැකි වෙන නව නීතියක්

2009 වසරෙන් පසු උපත ලැබූ ඕනෑම අයෙකුට දුම්පානය තහනම් කිරීමට නීති සම්පාදනය කෙරෙන පනත් කෙටුම්පතට එක්සත් රාජධානියේ නීති සම්පාදකයින් සහාය දක්වා තිබෙනවා.

Read More »

අවුරුදු ගීතයක් විකෘති කළ රාජ්‍ය සේවකයෙක් අත්අඩංගුවට

ප්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ ශුරීන්ගේ අලුත් අවුරුදු ගීතයක් විකෘත කිරීමේ චෝදනා මත සුරාබදු නිලධාරියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

තමාම නිර්මාණය කර ගත් සොහොන් බිමේ අවසන් ගමන් යන පාලිත තෙවරප්පෙරුම

අභාවප්‍රාප්ත හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සෙනසුරාදා ඔහු විසින්ම නිර්මාණය කර ගත් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් පවසනවා.

Read More »

කාන්තාවන්ගේ මූලික අවශ්‍යතාවයක් බදුවලින් නිදහස් කරන්නැයි ඉල්ලීම්

බ්‍රිතාන්‍ය කාන්තාවන්ගේ යට ඇඳුම් සහ සනීපාරක්ෂක තුවා සඳහා බදු මුදල් අය කිරීම සාධාරණ නොවන බවට සමාජ කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.

Read More »