
ලබන 31 වනදාට පෙර බදු ලිපි ගොණුවක් ඉදිරිපත් කිරීමට හෝ බදු නියෝජිතයෙකු සමග ලියාපදිංචි වීමට පියවර ගන්නැයි ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම් දීමක් සිදු කෙරෙනවා.
එසේ කිරීමට අපොහොසත් වුවහොත් සෑම දින 28 ක් සඳහාම ඩොලර් 222 බැගින් වන දඩයකට උපරිම අවස්ථා 05 ක් යටත්වීමට ඔවුන්ට සිදුවනවා.
එනම් මාස 05 ක් පමණ ප්‍රමාද වන පුද්ගලයෙකුට ඩොලර් 1110 ක දඩයක් පැණවෙනු ඇතැයි අපේක්ෂිතයි.

ඔස්ටේ්‍රලියානු නීතියට අනුව ඩොලර් 18,200 ට වඩා උපයන සෑම අයෙකුම බදු ලිපි ගොණුවක් පවත්වාගෙන යා යුතු වනවා.
මෙම වසරට අදාළ ගොණු කිරීම ලබන වසරේ මැයි 15 වනදා වනවිට සිදුකිරීමද සිදුකල යුතුයි.
