Search

පඩි නොගෙවා වැඩ ගන්නා බවට ALDI ට චෝදනා

සේවකයන්ට ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවීමට සුප්‍රකට ALDI වෙළඳසැල් ජාලයට සිදුවන ළකුණු පළවී තිබෙනවා.

ඒ සේවා මුරය ආරම්භ කිරීමට පෙර විනාඩි 15 ක පමණ සිට විවිධ සූදානම් කටයුතු සිදුකරන ලෙස ඔවුන්ට දැනුම් දුන්නද ඒ සඳහා වැටුප් නොගෙවීම හේතුවෙනුයි.

මෙමගින් සේවක නීති දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බවට ෆෙඩරල් අධිකරණයක් විසින් තීන්දු කර ඇති අතර ඒ අනුව ඔවුන්ට එරෙහිව දඩ පැණවීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.

අලෙවිසැල් තුළ උපකරණ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම ඇතුලු විවිධ කාර්යයන් සේවා මුරයට පෙර සිදුකරන ලෙසයි ඇතැම් ALDI අලෙවිසැල් වල පාලනාධිකාරිය විසින් සේවකයන්ට දන්වා ඇත්තේ.

වත්මන් සහ හිටපු යන සේවකයන් 4000 කට පමණ මේ අනුව ඩොලර් මිලියන 10 ක පමණ වන්දියක් ලැබෙනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

ALDI විසින් නඩු විභාගයේදී පවසා තිබුණේ මෙය සේවය ලබාගෙන වැටුප් නොගෙවීමක් නොවන අතර සේවා මුරය සඳහා සූදානම්වීමක් පමණක් බවයි.

කෙසේවෙතත් අධිකරණය නිගමනය කර ඇත්තේ මෙමගින් සේවකයන්ට කිසිදු වරප්‍රසාදයක් අත් නොවන අතර පාලකයන්ට පමණක් සෙත සැලසෙන බවයි.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »