
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල තවත් ස්ථානයක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.
ප්‍රසාද ලකුණු 692 ක් සමග ඔහුට හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි.
ඊට අමතරව ඔහු විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ද 04 වන ස්ථානයේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 184 ක් හිමිකරගනිමිනුයි.

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු තැන පසුවන්නේ ඔස්ටේ්‍රලියා ක්‍රීඩක Josh Hazlewood යි.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 8 වන ස්ථානයේ පසුවන අතර පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල මහීෂ් තීක්ෂණ 7 වන ස්ථානයේ පසුවනවා.
