ලිබරල් පක්ෂය වික්ටෝරියා සැළසුම් හෙළිකරයි

ලබන මස 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයගතහොත් Berwick – Clyde North ඇතුලු තදාසන්න ප්‍රදේශවල වාසය කරන ලාංකිකයන් ඇතුලු සියලු ජන කොට්ඨාශවල සුභසාධනය වෙනුවෙන් පියවර රැසක් ගන්නා බව ලිබරල් පක්ෂය පවසනවා.

ප්‍රාන්ත මැතිවරණයේදී බෙරික් ආසනය නියෝජනය කරමින් තරග කරන අපේක්ෂක බ්‍රැඩ් බැටින් මේ බව කියාසිටියේ Ausලංකා TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනුයි.

සමස්ත වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහාම සෙත සැළසෙන ව්‍යාපෘති ගණනාවක් ලිබරල් පක්ෂය විසින් මේ වනවිටත් සැළසුම් කර අවසන් බවයි ඔහු සඳහන් කලේ.

ශාක්‍යමුණි බෞද්ධ විහාරය සඳහා විශාල මුදල් ප්‍රදානයක් වෙන් කිරීම මගින්ම ලිබරල් පක්ෂය ලාංකික ප්‍රජාව කෙරෙහි දක්වන ප්‍රසාදය පෙන්නුම් කෙරෙන බව බ්‍රැඩ් බැටින් පෙන්වා දුන්නා.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ වාසය කරන සෑම ජන කොට්ඨාශයක් සඳහාම පිළිගත හැකි වැඩපිළිවෙලක් ලිබරල් පක්ෂය විසින් ඉදිරිපත් කර ඇති බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »