ඔස්ටේ්‍රලියාවේ තරුණියන් අතර ආතතිය ඉහළම අගයට

ඔස්ටේ්‍රලියානු තරුණියන් අතර ආතතිය (depression) වාර්තාවීම ඉතිහාසයේ ඉහළම අගය සටහන් කර තිබෙනවා.

පසුගිය වසර 14 කට පෙර තත්වය හා සැළකීමේදී එය දෙගුණයක ඉහළ යාමක් බවයි නවතම අධ්‍යයනයකදී හෙළිවී ඇත්තේ.

රැකියා නොලැබීම – ආර්ථික ප්‍රශ්න – සයිබර් අපරාධ වැනි කරුණු මීට බලපා තිබෙනවා.

විශේෂයෙන් ඔස්ටේ්‍රලියානු තරුණ තරුණියන් අතර ප්‍රමාණවත් නින්දක් ලබන පිරිස අතිශය සුලු ප්‍රතිශතයක් පමණක් බවයි මෙහිදී අනාවරණ වී ඇත්තේ.

ඔස්ටේ්‍රලියානු තරුණයන්ද ආතතියෙන් පෙළෙන නමුත් තරුණියන්ගේ තත්වය වඩාත් අයහපත් බව සඳහන්.

ආතතියෙන් පෙළෙන අයෙකු පිළිබඳ ඔබ දැනුවත්ද ?

Lifeline – 13 11 14, lifeline.org.au
Suicide Call Back Service – 1300 659 467, suicidecallbackservice.org.au
Beyond Blue – 1300 224 636, beyondblue.org.au/forums
MensLine Australia – 1300 789 978, mensline.org.au

මහ සයුර මැද අසාධ්‍ය වූ ධීවරයා බේරා ගත් හෙලිකොප්ටර් මෙහෙයුම

ධීවර කටයුතුවල නිරත වෙමින් සිටියදී සාගරයේ සිටින සර්ප විශේෂයක දෂ්ඨනයක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්වූ ධීවරයෙකු ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටර් මගින් ගොඩබිම වෙත රැගෙන විත් තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට ගේන්න ගිය මුදල් තොගය මග නතර වෙයි

ගෝල්ඩ් කෝස්ට් සිට මිල්ජුරා (Mildura) දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ ගුවන් යානයකට ඩොලර් 830,000ක මුදල් රැගෙන යාමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »