ඔස්ටේ්‍රලියාව තුළ cash rate අගය සියයට 2.6 දක්වා ඉහළට

අඛණ්ඩව 06 වන මාසයටත් ඔස්ටේ්‍රලියාව තුළ පොළී අනුපාත ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව අද තීරණය කලා.

ඒ අනුව cash rate අගය පදනම් ඒකක 25 කින් හෙවත් සියයට 0.25 කින් වැඩි කෙරුණු අතර මේ අනුව නව අගය සටහන් වන්නේ සියයට 2.6 ක් ලෙසයි.

ඉහළ යන උද්ධමනය පාලනය කරගැනීමේ අරමුණ ඇතිව මෙම ඉහළ දැමීම සිදුකල බවද ෆෙඩරල් සංචිත බැංකුව නිවේදනය කරනවා.

ඩොලර් ලක්ෂ 05 ක පමණ නිවාස ණයක් ගෙන ඇති අයෙකුට මේ අනුව මාසික වාරිකයේ ඉහළයාම ඩොලර් 74 ක් පමණ වනවා.

පසුගිය මැයි මාසයේ සිට අඛණ්ඩව සිදුකල පොළී අනුපාත වැඩි කිරීම් හරහා මාසික ණය වාරිකයේ මේ දක්වා සමස්ත වැඩිවීම ඩොලර් 680 ක් පමණ වනවා.

උද්ධමනය සියයට 2 ත් 3 ත් අත අගයක් දක්වා පහත දමා ගැනීම ෆෙඩරල් සංචිත බැංකුවේ අපේක්ෂාව බවයි එහි ප්‍රධානී පිලිප් ලෝ කියාසිටියේ.

අද සිදුකල පොළී අනුපාත වෙනසත් සමග ප්‍රධාන පෙළේ බැංකු විසින් සිය පොළි අනුපාතිකයන් වෙනස් කිරීමද ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති.

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »