ඔස්ටේ්‍රලියාවේ විශාලම රෝහල් ව්‍යාපෘතිය මෙල්බන් නුවරට

ඔස්ටේ්‍රලියාවේ විශාලම රෝහල් ව්‍යාපෘතිය ඉදි කිරීමට වික්ටෝරියා පාලක ලේබර් පක්ෂය සැළසුම් කර තිබෙනවා.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ මෙල්බන් උතුරු ප්‍රදේශයේ එය ඉදි කිරීමට යෝජිත බවයි.

ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් තමා ජයගතහොත් නව ව්‍යාපෘතිය ආරම්භ කරන බවද ඔහු සඳහන් කලා.

Royal Melbourne Hospital සහ Royal Women’s Hospital පුලුල් කිරීම සඳහා ඩොලර් බිලියන 5 ත් 6 ත් අතර වියදමකින් හඳුන්වා දුන් ව්‍යාපෘතියට සමගාමීව මෙම ඉදි කිරීම් ද සිදුකෙරෙනු ඇති.

2025 වසරේදී එහි ඉදි කිරීම ආරම්භ කර 2031 වසරේදී අවසන් කිරීමටයි දැනට සැළසුම් කර ඇත්තේ.

මෙය මැතිවරණ පොරොන්දුවක් නොවන බවද වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කලා.

ජනතාවට සහන ගේන්න සුපිරි වෙළඳසැල්වලට නව නීතියක්

පාරිභෝගිකයන්ගෙන් මෙන්ම සැපයුම්කරුවන්ගෙන් අඛණ්ඩව එල්ලවන විවිධ චෝදනා හමුවේ මහා පරිමාණ සුපිරි වෙළඳසැල් සඳහා නව නීති ගෙන ඒමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

Read More »

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »