
දින කිහිපයකට පෙර එල්ල වූ සයිබර් ප්‍රහාරයේදී පුද්ගලික අනන්‍යතා අංක ( PIN හෙවත් personal identification numbers) ලක්ෂ 21 ක් සොරා ගැනීමට ලක්ව ඇතැයි ඔප්ටස් සමාගම අද නිල වශයෙන් නිවේදනය කලා.
සමාගමේ සමස්ත පාරිභෝගිකයන් මිලියන 9.8 අතුරින් මිලියන 7.7 ක් කිසිදු බලපෑමකට ලක්ව නොමැති බවයි ඔවුන් අවධාරණය කර සිටින්නේ.
සොරා ගැනීමට ලක්වූ PIN අංක අතරට විදේශ ගමන් බලපත් අංක 150,000 ක් සහ අංක 50,000 ක් පමණ ඇතුළත් වනවා.

සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් ඔප්ටස් සමාගම ඊයේ සිට ස්වාධීන විමර්ශනයක් ආරම්භ කල අතර එහිදීයි මෙම තොරතුරු අනාවරණ වි ඇත්තේ.
සයිබර් ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා ඔප්ටස් සමාගම සහය නොදක්වන බවටයි සයිබර් ආරක්ෂණ ඇමතිනී ක්ලෙයාර් ඔ-නිල් චෝදනා කර සිටියේ.
