
189 වීසා උප කාණ්ඩය යටතේ පසුගිය අගෝස්තු මාසය සඳහා පමණක් ආරාධනා පත්‍ර (Invitations) 12,200 ක් නිකුත් කර ඇතැයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.
එය මෑත ඉතිහාසයේ එක් මාසයකදී නිකුත් කෙරුණු විශාලතම ආරාධනා පත්‍ර සංඛ්‍යාව බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
ඒ අනුව 189 වීසා සඳහා අගෝස්තු මාසයේදී නිකුත් කෙරුණු ආරාධනා පත්‍ර ප්‍රමාණය 12,200 ක්.

මීට පෙර සාමාන්‍යයෙන් එක් මාසයකදී නිකුත් කෙරුණු 189 වීසා ආරාධනා පත්‍ර සංඛ්‍යාව 2,500 ක් පමණ වුණා.
ඔස්ටේරලියාවේ දැනට පවතින පුහුණු ශ්‍රමික හිගය හමුවේ 189 වීසා බලපත් වැඩි වශයෙන් ලබාදීමටයි මධ්‍යම රජය තීරණය කර ඇත්තේ.

අගෝස්තු මාසය සඳහා රැකියා වෘත්තීන් 60 කට අධික සංඛ්‍යාවක් සඳහා 189 වීසා ආරාධනා පත්‍ර නිකුත් කර ඇති බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වාර්තා කරන්නේ.
2022-23 මුල්‍ය වර්ෂයට අදාළව 189 වීසා සඳහා ආරාධනා පත්‍ර නිකුත් කෙරුණු පළමු වටය මෙය වන අතර ලබන වසරේ මැයි මාසය දක්වා මෙම ආරාධනා පත්‍ර වරින් වර නිකුත් කිරීමට නියමිතයි.