අඛණ්ඩව 06 වන මාසයටත් අද නැවතත් පොළී අනුපාත ඉහළට ?

අඛණ්ඩව 06 වන මාසයටත් ඔස්ටේ‍රලියාව තුළ අද දිනයේදී නැවතත් පොළී අනුපාත ඉහළ දැමෙනු ඇති බවට වාර්තා පළවනවා.

ෆෙඩරල් සංචිත බැංකුවේ විධායක මණ්ඩලය අද පෙරවරුවේ රැස්වීමට නියමිත අතර එහිදී පදනම් ඒකක 50 කින් හෙවත් සියයට 0.5 කින් cash rate අගය ඉහළ දමනු ඇති බව සඳහන්.

ඒ අනුව cash rate අගය සියයට 2.85 ක් දක්වා ඉහළ යනු ඇති බවටයි වාර්තා පළවන්නේ.

එනම් ඩොලර් 750,000 ක උකස් ණයක් ගෙවන අයෙකුට සිය මාසික වාරිකය ඩොලර් 222 කින් පමණ ඉහළයාමක් අපේක්ෂා කල හැකියි.

පසුගිය මාස 05 පුරා ඔහුගේ හෝ ඇයගේ මාසික වාරික ඉහළගොස් ඇති සමස්ත මුදල ඩොලර් 1000 කට ආසන්න වී තිබෙනවා.

ඉහළයන උද්ධමනය පාලනය කිරීමේ අරමුණ ඇතිවයි ෆෙඩරල් සංචිත බැංකුව මෙම තීරණය ගැනීමට සූදානමින් සිටින්නේ.

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »