ඔස්ටේ්‍රලියා දේශපාලනඥයන්ගේ Whatsapp පණිවිඩ පරීක්ෂා කරන්න යයි

Whatsapp සහ Signal වැනි ඇප්ලිකේෂන හරහා යවන ලද පණිවිඩ පවා පරීක්ෂා කල හැකි බවට නීතිපති මාර්ක් ඩේ‍රෆස් විසින් ඔස්ටේ්‍රලියානු දේශපාලනඥයන්ට අනතුරු අගවනවා.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු නව දූෂණ මර්දන කොමිසම හරහා ඊට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බවයි ඔහු කියාසිටියේ.

ඒ අනුව දේශපාලනඥයන්ගේ වට්ස්ඇප් පණිවිඩ පරීක්ෂා කිරිමට (tap) මෙන්ම දේශපාලනඥයන් සම්බන්ධ කාර්යාල සෝදිසි කිරීමටද එම කොමිසමට බලතල ලැබී තිබෙනවා.

විදේශ රහස් ඔත්තු සේවා සඳහා මෙම දත්ත උපයෝගී කරගත හැකි වනු ඇති බවටයි විපක්ෂ ලිබරල් සන්ධානය අනතුරු අගවා තිබුණේ.

කෙසේවෙතත් එවැන කිසිදු අවධානමක් නැතැයි නීතිපති මාර්ක් ඩේ‍රෆස් අවධාරණය කර සිටින්නේ.

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »