සිරියාවෙන් එන IS ඥාතීන් ගැන බිය නොවන්නැයි ඉල්ලීමක්

සිරියාවේ සිට ගෙන්වාගැනීමට නියමිත අයි එස් සටන්කාමීන්ගේ ඥාතීන් සහ දරුවන් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ෆෙඩරල් රජය අවධාරණය කරනවා.

ආරක්ෂාවට සම්බන්ධ ආයතන විසින් ඔවුන් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවනු ඇති බවයි රජය දන්වා සිටින්නේ.

ෆෙඩරල් පොලිසිය ඇතුලු සියලු පාර්ශවවල උපදෙස් හා අනුමැතිය යටතේ පමණක් මෙම පිරිස ගෙන්වා ගැනෙන බවද වැඩිදුරටත් සඳහන් කෙරුණා.

අයි එස් සංවිධානය සමග සම්බන්ධ වූ ඔස්ටේ්‍රලියානු ජාතිකයන්ගේ බිරින්දෑවරුන් 20 දෙනෙකු සහ ළමුන් 40 දෙනෙකු නැවත ඔස්ටේ‍රලියාවට ගෙන්වාගැනීමේ මූලික කටයුතු මේ වනවිට ආරම්භ වි තිබෙනවා.

2019 වසරේදී අයි එස් බලය බිඳීයාමත් සමග එරට රැඳවුම් කඳවුරුවල රඳවා සිටින කාන්තාවන් සහ ළමුන් පිරිසක් මෙලෙස ගෙන්වා ගැනෙනු ඇති.

ඔවුන්ගේ අනන්‍යතා තහවුරු කර ගැනීම සඳහා ඔස්ටේ්‍රලියානු බළධාරීන් මෙම වසර ආරම්භයේදී සිරියාවට ගොස් තිබූ බවද සඳහන්.

සිරියාවේදී ඔවුන්ට නිසි පරිදි ආරක්ෂාවක් නොලැබෙන බවට තහවුරුවීම හේතුවෙනුයි නැවතත් ඔස්ටේ්‍රලියාවට ගෙන්වා ගැනීමට තීරණය වී ඇත්තේ.

කෙසේවෙතත් මෙමගින් ඔස්ටේ්‍රලියාවේ ආරක්ෂාවට බලපෑම් එල්ලවිය හැකි බවටයි ලිබරල් සන්ධානය චෝදනා කර සිටියේ.

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »