
ශීත සෘතුවෙන් පසු බොහෝ ඔස්ටේ්‍රලියානුවන්ට අත්විඳීමට සිදුවන සහ යන රෝගී තත්වයන්ට ප්‍රතිකාරයක් සොයාගත් බව මෙල්බන් නුවර මොනෑෂ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසනවා.
එය තවමත් අධ්‍යයන මට්ටමේ පවතින අතර සාර්ථක වුවහොත් ලෝක ජනගහණයෙන් සියයට 30 කට පමණ අත්විඳීමට සිදුව ඇති තෘණ ආශ්‍රිත අසාත්මිකතාවයන්ට සාර්ථක ඖෂධයක් ලෙස යොදාගත හැකි වනු ඇති.
වසර 02 ක් පුරා සිදුකල මූලික පර්යේෂණවලට සහභාගී වූ පුද්ගලයන් 13 දෙනෙකුගෙන් 12 දෙනෙකුම පවසා තිබුණේ මෙම ඖෂධය ගැනීමෙන් තම තත්වයට විසඳුමක් ලැබුණු බවයි.

කෙසේවෙතත් සියලු රටවල පුරවැසියන්ට මෙම පෙති වර්ගය සාර්ථක ප්‍රතිචාර දක්වනු ඇතිදැයි ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවයි මොනෑෂ් විද්‍යාඥයන් සඳහන් කර ඇත්තේ.
