
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සදහා ජපානයේ සාත්තු සේවක අංශයේ රැකියා දහසකට වඩා වැඩි සංඛ්‍යාවක් ලබන වසරේදී ලබාදීමට, ජපානයේ GTN – Global Trust Network ආයතනය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ට සහතික වී තිබේ.
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම සදහා ජපානයේ සංචාරයක නිතර කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර GTN – Global Trust Network සභාපති Hiroyuki Goto, පුහුණු ශ්‍රමික අංශයේ කළමණාකරු Yuka Kuwahara, ප්‍රමුඛ කළමණාකාරීත්වයේ ඉහළ ම නිලධාරීන් සමග සාකච්ඡා කළ අතර එහිදී, මේ වසර තුළ කඩිනමින් සාත්තු සේවකයින් 150 දෙනෙක් බදවා ගැනීමටද ලබන වසරේදී සාත්තු සේවකයින් දහසක් බදවා ගැනීමටද එකගතාවය පළ කර ඇත.
ජපානය තුළ විදේශ රැකියා පහසුකම් ලබාදෙන ප්‍රමුඛතම ආයතනයක් වන GTN – Global Trust Network ආයතනය මේ වන විට විදේශීය ශ්‍රමිකයින් තුන්ලක්ෂ පනස් දහසකට වැඩි සංඛ්‍යාවකට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදී ඇත.

එවැනි ආයතනයක් සමග සම්බන්ධවෙමින් ලංකාවේ ශ්‍රමිකයින්ට රැකියා අවස්ථා විවෘත කිරීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර අමාත්‍යවරයා පැවසුවේය.
මෙම ආයතනය සමග දීර්ඝ කාලීන අවභෝධතාවයක් යටතේ කටයුතු කිරීමටත්, වාර්ශිකව ලබාදෙන රැකියා කෝටාව වැඩි කරගැනීමටත් කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සදහන් කළේය.
