ලේබර් රජය මැතිවරණ පොරොන්දුවක් කඩ කරන්න යයි

ඔස්ටේ්‍රලියානුවන්ගෙන් සියයට 41 ක් බදු කපා හැරීම් සඳහා ලේබර් පක්ෂ රජයට සහය දෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා.

සියයට 22 ක් ඊට විරුද්ධ අතර සියයට 37 ක් සිය ස්ථාවරය පිළිබඳ අවිනිශ්චිත මට්ටමකයි පසුවන්නේ.

කෙසේවෙතත් මෙය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් මැතිවරණ පොරොන්දුව කඩ කිරීමක් ද වනවා.

කිසිදු අයුරකින් බදු කපා හැරීමක් සිදු නොකරන බවටයි මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය සහතික වූයේ.

කෙසේවෙතත් මැතිවරණ පොරොන්දුවට වඩා රටට ගැලපෙන ආරථික ප්‍රතිපත්තියක් අවශ්‍ය බව මත විමසුමට සහභාගී වූ ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 61 ක් පවසා තිබෙනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »