සංක්‍රමණ ප්‍රතිපත්තියේ වෙනසක් – සංක්‍රමණ ඇමති Ausලංකා TV වෙත හෙළිකරයි

සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව දැනට අනුගමනය කරන ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට අපේක්ෂා කරන බව සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පවසනවා.

දැනට ලොව පුරා පවතින සමාජ – ආර්ථික සහ දේශපාලන තත්වයන් පිළිබඳ එහිදී අවධානය යොමුකරන බවයි Ausලංකා TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කලේ.

මෙම කරුණු සම්බන්ධ දීර්ඝකාලීන බලපෑම පිළිබඳ සළකා බලා සිදුකල යුතු වෙනස්කම් පිළිබඳ තීරණය කෙරෙන බවත් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් කියාසටියා.

මූලික පියවරක් ලෙස වාර්ෂික සංක්‍රමණ කෝටාව 160,000 සිට 195,000 දක්වා ඉහළ දැමීමට තීරණය වූ බවද ඔහු Ausලංකා TV වෙත ප්‍රකාශ කලා.

මේ අතර සරණාගත ගැටලුව කඩිනමින් විසඳා ඔවුන්ගේ අනාගතය අඳුරු නොවන පරිදි කටයුතු කිරීමට ලේබර් රජය පියවර ගන්නා බවත් සංක්‍රමණ අමාත්‍ය ඇන්ඩෲ ගයිල්ස් පවසා සිටියා.

ඔහු Ausලංකා TV සමග මෙම සාකච්ඡාවට එක්වූයේ ලබන නොවැම්බර් 26 වනදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය වෙනුවෙන් ලේබර් පක්ෂයෙන් තරග වදින ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මලික් සzවීර් විසින් ඊයේ (02) සිය ප්‍රධාන මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කල අවස්ථාවට සහභාගී වෙමින්.

මලික් සzවීර් ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමද ඊයේ සිදුකෙරුණා.

උත්සවයෙන් අනතුරුව Ausලංකා TV සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මලික් සzවීර් සඳහන් කලේ වික්ටෝරියා මැතිවරණයට බෙරික් ආසනය ඇතුලු තදාසන්න ප්‍රදේශ නියෝජනය කරමින් තමන් තරග වදින බවයි.

ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් ඉටු කල යුතු සේවා රැසක් තමන් විසින් දැනටමත් සැළසුම් කර අවසන් බවද ඔහු කියාසිටියා.

ලාංකිකයන් පමණක් නොව තවත් ජන වර්ග රැසක් මෙම කලාපය නියෝජනය කරන බැවින් ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතා තමා හොඳින් වටහාගෙන ඇති බවයි මලික් සzවීර් Ausලංකා TV වෙත පවසා සිටියේ.

ප්‍රජා නායකයන් සමග එක්ව ක්‍රීඩා පහසුකම් වැඩි දියුණු කිරීම හා ලාංකික වෙළඳසැල් නංවාලීම වැනි සියලු දෑ සඳහා තමන් උපකාර කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියාසිටියා.

මෙම අවස්ථාවට වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් විශේෂ ප්‍රභූන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.

Latest news

ඔස්ට්‍රේලියාවත් කැනඩාව මෙන් සරල සංක්‍රමණ පද්ධතියකට යන ළකුණු

කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »
Latest news

Today’s Top Stories – Monday 29th May, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »