ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම නැවත ඇති වීමත් සමඟම පනවා ඇති නීති මෙන්න​.

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම නැවත ඇති වීමත් සමඟම පනවා ඇති නීති මෙන්න​.

Here are the rules that have been put in place with the re-emergence of coronavirus risk in Sri Lanka.

ශ්‍රී ලංකාවෙන් ඊයේ හඳුනාගත් කොරෝනා ආසාදිත කාන්තාවගේ 16 හැවිරිදි දරුවෙකුට කළ PCR පරීක්ෂණයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ අනුව​, මෙම සිද්ධිය හා සම්බන්ධ කොරෝනා අවදානම දැඩි බැවින් ව​හාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශ වල සංසරණය තහනම් කර තිබෙනවා.

ඒ අනුව , ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන කාල සිමාව තුළ එම ප්‍රදේශ වලට ඇතුළුවීම, පිටවීම සහ ඒ ප්‍රදේශ හරහා ගමන් කිරීමද සම්පුර්ණයෙන්ම තහනම් කර තිබෙන බව කොළඹ පොලිස් මුලස්ථානයේ වැඩබලන පොලිස්පති C . D වික්‍රමරත්න මහතා දැනුම් දී ඇත​.

තවද දිවයින පුරා පෞද්ගලික හා ලංගම බස් රථ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ආසන ප්‍රමාණයට සාපේක්ෂව මගීන් ප්‍රවාහනය කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

05/10 සිට දුම්රිය ස්ථානවලට පැමිණීමේදී කොරෝනා මර්දන සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිළිපැදිය යුතු බව, දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. ඒ අනුව, මුහුණු ආවරණ, අත් සේදීම සහ උෂ්ණත්ව පරීක්ෂාවන් අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවේ සියලුම පාසල්  සඳහා ලබන 09 වනදා දෙවන පාසල් නිවාඩුව ලබා දීමට නියමිතව තිබුණා. එලෙස ලබාදීමට තිබු දෙවන වාර පාසල් නිවාඩුව පවත්නා තත්වය යටතේ හෙට සිට දිවයිනේ සියලුම පාසල් සිසුන් හට ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන ඇමැති, මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා පැවසුවේ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »