ඔස්ටේ්‍රලියාවේ රැකියා පුරප්පාඩු සීඝ්‍රයෙන් අඩුවෙයි

job-vacancy-employment.jpg

ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු සංඛ්‍යාව පහළයාම ආරම්භ වී තිබෙනවා.

පසුගිය අගෝස්තු මාසයේදී රැකියා පුරප්පාඩු 471,000 ක් තිබී ඇති අතර එය මැයි මාසයට වඩා පුරප්පාඩු 10,000 ක පහළයාමක් බවයි සංඛ්‍යාලේඛණ කාර්යාංශ වාර්තාවල දැක්වෙන්නේ.

කොවිඩ් රෙගුලාසි ක්‍රමක්‍රමයෙන් පහවයාම හමුවේ විදේශයන්හි සිට පුහුණු ශ්‍රමිකයන් මෙරටට පැමිණිමත් සමග රැකියා පුරප්පාඩු පිරවීමට ආරම්භවීම මීට ප්‍රධාන හේතුවයි.

ඔස්ටේ්‍රලියාව තුළ විරැකියා අනුපාතය තවදුරටත් පහළ අගයක පවතින්නේද මෙම තත්වය හේතුවෙන් බව සඳහන්.

ප්‍රාන්ත වශයෙන් සැළකීමේදී වැඩිම ප්‍රතිශතයකින් රැකියා පුරප්පාඩු අඩුවී ඇත්තේ ටස්මේනියා ප්‍රාන්තයේ වන අතර එය සියයට 17 ක්.

ක්ෂේත්‍ර සළකා බැලීමේදී වැඩිම රැකියා පුරප්පාඩු සංඛ්‍යාවක් සම්පූර්ණ වී ඇත්තේ ඉදි කිරී්ම් ක්ෂේත්‍රයේ වන අතර සියයට 16 ක් ලෙස සටහන්වී තිබෙනවා.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »