ලංකාවේ ආයෝජනයට ඕස්ට්‍රේලියානු සමාගම්වලට ඇරයුම්

ALI SABRY AUSTRALIA

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, විදේශ කටයුතු අමාත්‍යංශයේ දී ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් හමුවිය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු දූත මණ්ඩල ප්‍රධානියා ලෙස පත් වූ කොමසාරිස්වරයාට විදේශ කටයුතු අමාත්‍යවරයා සිය සුබපැතුම් පළ කළේ ය.

දේශීය අභියෝගවලට මුහුණ දීම සඳහා ඕස්ට්‍රේලියාව මෑතක දී පිරිනැමූ කඩිනම් මානුෂීය ආධාර මෙහිදී විදේශ කටයුතු අමාත්‍යවරයාගේ පැසසුමට ලක්විය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මෙහිදී බලශක්ති ක්ෂේත්‍රයේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා පවතින ශක්‍යතා පිළිබඳව සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස විදේශ කටයුතු අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු සමාගම්වලට ඇරයුම් කළේ ය.

විදේශ කටයුතු අමාත්‍යවරයා මෙහිදී බහුපාර්ශ්වික මට්ටමෙන් අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළේය.

විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම හමුව සඳහා සහභාගී වූහ.

මෙල්බන් කාය වර්ධන තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙක් පළමු තැනට

කාය වර්ධන ජාත්‍යන්තර සම්මේලනයේ IFBB Pro League Melbourne තරඟාවලියෙන් ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකික සිසුවෙක් වන ලක්රුවන් බණ්ඩාර සමත්වී තිබෙනවා.

Read More »

බාලි වෙත යන ඔස්ට්‍රේලියානුවන්ට ශ්‍රී ලංකාව ගැනත් සිහි කරමින් අනතුරු ඇඟවීමක්

සංචාරකයින් අතර ඩෙංගු උණ පැතිර යාමේ වර්ධනයක් පැවතීම හේතුවෙන් ඩෙංගු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසට ඉන්දුනීසියාවේ බාලි වෙත යාමට සැලසුම් කර ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

Read More »

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට පඩිත් එක්ක වැඩි වැටුප් ගන්න නව යෝජනාවක්

ඔස්ට්‍රේලියානු කම්කරුවන්ට අර්ධ වැටුප් යටතේ වැඩි නිවාඩු ලබා ගැනීමට හැකි නව යෝජනාවක් ඔම්බුට්ස්මන් කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

Read More »