
මාස 09 කට ආසන්න කාලයක් පුරා මෙල්බන් නගරයේ සිදුකල විමර්ශනයකින් පසු මහා පරිමාණ ගංජා වගාවක් පවත්වාගෙන ගිය පුද්ගලයන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගංජා පැල 760 ක් ද සමගයි.
Narre Warren හි නිවසක තිබි පළමුවෙන් ගංජා පැළ 314 ක් හමුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.

එහිදී කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන තිබුණේ නැහැ.
පසුව Cranbourne හිදී තවත් ගංජා පැළ 264 ක් අගෝස්තු 24 වනදා පොලිස් භාරයට ගෙන තිබුණා.

සැප්තැම්බර් 30 වනදා Cranbourne හිදි ගංජා පැළ 185 ක් සමග සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිදුවීම්වලට අදාලවයි.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මොවුන් Cranbourne ප්‍රදේශය පුරා මෙම ගංජා ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවයි.