ඔස්ටේ්‍රලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාව සහභාගීවෙන පළමු තරගය නැමීබියාව සමග පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔස්ටේ්‍රලියාවේදි ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණු තරග දෙකකට ද එක්වෙනු ඇති බවයි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ද ඔස්ටේ්‍රලියාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියාසිටියා.
එළඹෙන පන්දුවාර 20 ලෝක කුසාලනාය වෙනුවෙන් පන්දු යැවීමේ බලය වැඩිකර ගැනීමට අවධානය යොමු කළ බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.