Search

Refugee වීසා ලාභීන් 30,000 ක් PR අපේක්ෂාවෙන්

ස්ථිර වීසා අපේක්ෂාවෙන් ඔස්ටේ්‍රලියාවේ රැඳී සිටින refugee වීසා ලාභීන් සංඛ්‍යාව 30,000 කට ආසන්න බව හෙළි වී තිබෙනවා.

ඔවුන්ට රැකියා කිරීමට – අධ්‍යාපනය හැදෑරීමට එමගින් සීමා පැමිණ ඇති බවයි අනාවරණ වන්නේ.

සංක්‍රමණික අයිතිවාසිකම් සංවිධාන පවසන පරිදි මෙය සරණාගත වීසා ලාභීන්ගේ මානසික මට්ටම දරුණු ලෙස කඩා වැටීමටද හේතුවක් වී තිබෙනවා.

2014 වසරේදී එවක පැවති ටෝනි ඇබට් රජය විසින් 1958 සංක්‍රමණ පණත සඳහා සිදුකල සංශෝධන යටතේ ඔස්ටේ්‍රලියාව තුළදී සරණාගතයන් සඳහා පිරිනැමෙන වීසා බලපත්‍රයක කාලය වසර 03 ත් 05 ත් අතර වනවා.

අනතුරුව ඔවුන්ට ස්ථිර පදිංචිය හිමිවන්නේද නැතිද යන්න පවතින්නේ අවිනිශ්චිත තත්වයකයි.

දැනට මෙරට සිටින ඇතැම් refugee වීසා ලාභීන් වසර 10 ක පමණ සිට අපේක්ෂා භංගත්වයට පත්ව සිටින බවටද තොරතුරු පවතිනවා.

දැනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සතුව පවතින වීසා අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 10 කට අධික බවයි පැවසෙන්නේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »