Search

ප්‍රාන්ත රැසක වේලාව හෙට අලුයම 02 සිට පැයකින් ඉදිරියට

Daylight saving ක්‍රමය ආරම්භවීමත් සමග හෙට (02) සිට ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසක වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි.

ඒ අනුව බටහිර ඔස්ටේ්‍රලියාව – Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම දැනට පවතින වේලාව හෙට අලුයම 02 සිට පැයකින් ඉදිරියට දැමෙනු ඇති.

ජංගම දුරකථන – පරිඝණක – අත් ඔරලෝසු වැනි ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වනු ඇති නමුත් බිත්ති ඔරලෝසු වැනි උපාංගවල වේලාව වෙනස් කල යුතු වනවා.

නැවත වරක් අප්‍රේල් පළමු සතියේදී සම්මත ඔරලෝසු වේලාව පැයකින් ආපස්සට ගමන් කරනු ඇති.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා – ටස්මේනියා සහ ACT යන ප්‍රාන්ත සඳහා මෙම සංශෝධනයන් බලාත්මක වනවා.

1992 වසරේදී පැවති ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේප වීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ Daylight saving ක්‍රමය ක්‍රියාත්මක නොවන්නේ.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »