රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අද (01) පැවැත්වෙන අවසාන මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුණා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ළකුණු 14 කින් පරාජයට පත් කරමිනුයි.
රායිපුර් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලබාදීමටයි.
ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 09 ක් දැවී ලකුණු 172 ක් රැස් කලා.
තරගය ජයගැනීම සඳහා ළකුණු 173 ක ඉලක්කක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ළකුණු 158 ක් පමණයි.
මේ අනුව රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහ ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර අද රාත්‍රියේ රායිපුර් හිදී පැවැත්වෙනවා.