First home buyer සහන නවත්වන්නැයි යෝජනා

First home buy වැඩපිළිවෙල යටතේ පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන් වෙනුවෙන් සහන ලබාදීම වහා නවත්වන්නැයි ඵලදායිතා කොමිසම (Productivity Commission) විසින් ෆෙඩරල් සහ ප්‍රාන්ත රජයන්ට දැනුම්දී තිබෙනවා.

එම සහන නිවාස නොමැති ජනතාව වෙනුවෙන් යොදවන ලෙසයි ඔවුන් නිකුත් කර ඇති නවතම වාර්තාවක සඳහන් වන්නේ.

2020 – 2021 කාලය තුළදී First home buy ක්‍රමය හරහා නිවසක් මිළදී ගැනීමට සහය ලැබී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 55,000 කට ආසන්නයි.

එහෙත් එම කාලසීමාව තුළදීම නිවාස නොමැති ජනතාව විසින් ලැබී තිබූ උපකාරක ඉල්ලීම් 114,000 ක් පමණ ප්‍රතික්ෂේප වී ඇති බවද ඵලදායිතා කොමිසම නිකුත් කල වාර්තාවේ දක්වා තිබෙනවා.

ෆෙඩරල් රජය විසින් මේ සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකලහොත් නිවාස නොමැතිව මහමග හෝ පොදු ස්ථානවල ගත කරන ජනතාවගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

නිවාස නොමැති ජනතාව පිළිබඳ අවධානය යොමු කිරීම ප්‍රාන්ත රජයන් හි වගකීමක් වුවද වාර්ෂිකව ෆෙඩරල් රජය විසින්ද ඒ සඳහා ඩොලර් බිලියන 1.6 ක මුදලක් වෙන්කරනු ලබනවා.

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් Anzac Day පෙළපාලිවලට එක්වෙයි

මෙවර ඇන්සක් ඩේ සැමරුම් පෙළපාලි සඳහා ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ද ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට ඒකරාශී වී තිබෙනවා.

Read More »

ග්‍රීසියේ ඇතන්ස් නගරය අඟහරුට සමාන වෙයි

සහරා කාන්තාරයෙන් පැමිණෙන දූවිලි වලාකුළු සමඟ ග්‍රීසියේ ඇතන්ස් නගරයට ඉහළින් අඟහරු ග්‍රහ ලෝකයට සමාන තැඹිලි පැහැති දුමාරයක් මතුවී ඇතැයි වාර්තා වනවා.

Read More »

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »