Search

වසර 15 කට පසු ඔස්ටේ්‍රලියාව තුළ දරුණු ප්‍රතිජීවක ඖෂධ හිගයක්

වසර 15 කට පමණ පසු ඔස්ටේ්‍රලියාව තුළ දරුණු ප්‍රතිජීවක ඖෂධ හිගයක් හටගෙන ඇතැයි වෛද්‍යවරුන් පවසනවා.

මෙම තත්වය හමුවේ විශේෂයෙන් ප්‍රාදේශීය කලාපවල රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

ප්‍රතිජිවක ඖෂධවලට අමතරව වේදනා නාශක ඖෂධවලද දැඩි හිගයක් පවතින බව වෛද්‍යවරුන් සඳහන් කර තිබෙනවා.

නාගරිකව ඔසුසැල් කිහිපයකට හෝ ගොස් ඖෂධයක් සොයාගත හැකි නමුත් ප්‍රාදේශීය කලාපවල විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඇත්තේ එක් ඔසුසැලක් පමණක් බැවින් තත්වය වඩා උග්‍ර බව ඔවුන් පෙන්වා දෙනවා.

ඖෂධ හිගයට ප්‍රධාන හේතුව අමුද්‍රව්‍ය හිගය හමුවේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.

මේ අතර ඖෂධ හිගයක් පිළිබඳ තමන් දැනුවත් බවත් වහා එය මගහරවාලීමට පියවර ගන්නා බවත් TGA විසින් ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »