කොදෙව් – ලංකා ලෙජන්ඩ්ස් තරගයට වැස්සොත් ජයග්‍රාහකයා තේරීම අමුතු ක්‍රමයකට

Road safety world series ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් අද තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවුවහොත් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගනු ඇති බව සංවිධායකයන් ඊයේ නිවේදනය කළේය.

Road safety world series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේවන විට ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්ය.

අවසන් මහා තරගය හෙට රාත්‍රියේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රි ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් ප්‍රවීණයන් අතර තරගය මෙරට වේලාවෙන් අද රාත්‍රී 7.30 පමණ ආරම්භවීමට නියමිතව ඇත.

ඒ ඉන්දියාවේ රායිපූර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

තරඟාවලියේ සියලු තරග ජයගත් ශ්‍රි ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එම සටහනේ සිව්වන ස්ථානයේ පසුවෙයි.

Today’s Top Stories – Thursday 08th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ මෙහෙයුම් 2026 සිට

බටහිර සිඩ්නි නව ගුවන් තොටුපළේ සිට ගුවන් ගමන් සිදුකිරීම සඳහා ගිවිසුම් අත්සන් කල පළමු ගුවන් සමාගම් දෙක බවට ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් පත්වී තිබෙනවා.

Read More »