
එළඹෙන නත්තල් සමය ඉලක්ක කර රැකියා පුරප්පාඩු 6,000 ක් සඳහා බඳවාගැනීම් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.
සෑම ප්‍රාන්තයකම ස්ථිර සහ Casual ඝනයේ රැකියා මේ අතර වනවා.
මෑතකදී පාසල් අධ්‍යාපනය අවසන් කල අයට මෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටද අයදුම්කල හැකි පුරප්පාඩු ගණනාවක් මේ අතර වන බවයි Australia Post නිවේදනය කර සිටින්නේ.

ඇතැම් රැකියා සඳහා කිසිදු පූර්ව සුදුසුකමක් අවශ්‍ය නොවීමද විශේෂත්වයක්.
මේ අතර සුප්‍රකට අන්තර්ජාල වෙළඳ ආයතනයක් වන ඇමසන් විසින්ද ඔස්ටේ්‍රලියාව තුළ රැකියා පුරප්පාඩු 2000 ක් සඳහා බඳවා ගැනීම් ආරම්භ කර තිබෙනවා.

ඉන් බහුතරය පාර්සල් බෙදා හැරීමට අදාළව බව සඳහන්.