ලබන අගහරුවාදා නැවත පොළී අනුපාත ඉහළට ?

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් සංචිත බැංකුව විසින් ලබන අගහරුවාදා දිනයේදී නැවත වරක් පොළී අනුපාත ඉහළ දමනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ අනුව පදනම් ඒකක 50 කින් හෙවත් සියයට 0.5 කින් පොළී අනුපාත වැඩි කෙරෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මෙම ඉහළදැමීමත් සමග දැනට සියයට 2.35 ක්ව පවතින cash rate අගය සියයට 2.85 දක්වා වැඩිවනු ඇති බවට වෙළඳපොළ ආරංචිමාර්ග පවසනවා.

ඊට සමගාමීව උකස් ණය වාරිකවල ඉහළයාමක් ද අපේක්ෂා කෙරෙනවා.

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් බැංකුව පවසන්නේ අමෙරිකානු ඩොලරයේ සීඝ්‍ර ඉහළයාම හමුවේ ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට මෙම පියවර ඉවහල් වනු ඇති බවයි.

ලබන මාර්තු මාසය වනවිට cash rate අගය සියයට 3.35 දක්වා ඉහළ යනු ඇති බවටද අනාවැකි පළවනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »