2022 ඔස්ටේ්‍රලියාවේ බලගතුම චරිතය නම් කෙරේ

2022 වසර සඳහා ඔස්ටේ්‍රලියාවේ බලගතුම චරිතය ලෙස අගමැති ඇන්තනී ඇල්බනීස් නම් කර තිබෙනවා.

ඒ Australian Financial Review සමීක්ෂණයට අනුවයි.

පසුගිය වසරේ ලැයිස්තුවට අනුව එවක විපක්ස නායක වත්මන් අගමැති ඇල්බනීස් රැඳී සිටියේ 09 වන ස්ථානයේයි.

පසුගිය මැයි මාසයේ පැවති මැතිවරනය ජයගැනීමත් සමග ඔහුගේ ජනප්‍රියත්වය සීඝ්‍රයෙන් ඉහළයාමයි මීට හේතුවී ඇත්තේ.

මෙවර මුල් ස්ථාන 10 සැළකීමේදී ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් 02 වන ස්ථානයේත් – විදේශ ඇමතිනී පෙනී වොංග් 03 වන ස්ථානයේත් පසුවනවා.

ආරක්ෂක ඇමති රිචර්ඩ් මාර්ල්ස් 05 වන ස්ථානයටත් – ෆෙඩරල් සංචිත බැංකුවේ අධිපති ෆිලිප් ලෝ 07 වන ස්ථානයටත් – වත්මන් විපක්ෂ නායක පීටර් ඩට්න් 10 වන ස්ථානයටත් ඇතුලත් වනවා.

පසුගිය වසරේ ලැයිස්තුවේ මුල් ස්ථාන 10 ට ඇතුළත්ව සිටි හිටපු අගමැති ස්කොට් මොරිසන් මෙන්ම වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් – බටහිර ඔස්ටේ්‍රලියා සහ ක්වීන්ස්ලන්ඩ් අගමැතිවරුන් මෙවර ලැයිස්තුවට ඇතුළත් නොවීමද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප විවෘත කිරීම ඇරඹේ

ප්‍රමාණවත් හිම පතනයන් නොලැබීම හමුවේ විවෘත කිරීම ප්‍රමාද වූ ඔස්ට්‍රේලියාවේ හිම ක්‍රීඩා කලාප මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »