
ACT ප්‍රාන්තයේ පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳීමේ අනිවාර්ය අවශ්‍යතාව ඉවත් කර තිබෙනවා.
ඊට සමගාමීව වසර දෙකහාමාරක් පුරා ප්‍රාන්තයේ ක්‍රියාත්මක වු මහජන සෞඛ්‍ය හදිසි තත්වයද අද සිට අවසන් වන බවයි ACT බළධාරීන් නිවේදනය කලේ.
කොවිඩ් පරීක්ෂණ සායන බොහොමයක් අද සිට වසා දැමෙන අතර ඇතැම් සායන විවෘත කර තබන වේලාවන් අඩු වනු ඇති.

කොවිඩ් ආසාධිතයන් සම්බන්ධයෙන් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත දැනුම්දීමද අද සිට අනිවාර්ය වන්නේ නැහැ.
aged care සහ disability care සේවකයන් සඳහා මේ දක්වා ක්‍රියාත්මක වු අනිවාර්ය එන්නත්කරණ අවශ්‍යතාවන්ද අද සිට ඉවත් වන බව ACT ප්‍රාන්ත රජය නිවේදනය කලා.
