රුවන්ත කැල්ලපොත බිග් බෑෂ් තරගාවලියේදී මෙල්බර්න් රෙනෙගේඩ්ස් සමග

ශ්‍රී ලංකා පා දග පන්දු යවන ක්‍රීඩක රුවන්ත ප්‍රසාද් කැල්ලපොත මෙවර ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

මෙවර තරග වාරය වෙනුවෙන් එම කණ්ඩායමේ පළමු ආදේශක විදෙස් ක්‍රීඩකයා වන්නේ 31 හැවිරිදි ඔහුයි.

බිග් බෑෂ් ලීග් තරගාවලියේ 12 වැනි අදියර දෙසැම්බර් 13 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

රුවන්ත ප්‍රසාද් පසුගිය දශකයක පමණ කාලයේ දී මෙල්බර්න් හි ක්‍රීඩා සමාජ තරග සදහා ක්‍රීඩා කළා.

පළමුව Dandenong දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය නියෝජනය කළ ඔහු, පසුගිය ගිම්හාන තරග වාරයේ දී Casey-South Melbourne කණ්ඩායම නියෝනය කරමින් ප්‍රිමියර් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළා.

එම තරග වාරයේ දී ඔහු බිද හෙලූ කඩුලු ගණන 46 ක්.

Victoria’s 2nd XI කණ්ඩායම වෙනුවෙන් ද රුවන්ත ප්‍රසාද් කැල්ලපොත ක්‍රීඩා කර තිබෙනවා.

එම තරගවලදී දැක් වූ දක්ෂතා හේතුවෙන් ඔහු පසුගිය මාසයේ දී මෙල්බර්න් රෙනෙගේඩ්ස් ඇකඩමි සංචිතය සදහා ද තෝරා ගනු ලැබුවා.

ඔහු මෙල්බර්න් රෙනෙගේඩ්ස් චැම්පියන්ස් ලීග් තරගාවලිය ද තරග වාර දෙකකදී ක්‍රීඩා කර ඇති අතර, සවුත් වේල්ස්හි 2019 වසරේ පැවැති multicultural T20 තරගාවලියේ දී මෙල්බර්න් රෙනෙගේඩ්ස් නියෝජනය කරමින් ක්‍රීඩා කර තිබුණා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »