කසළ බඳුනේ ගන්ධයට $ 5000 ක දඩයක්

කසළ බඳුන්වලින් දුගඳක් හැමුවහොත් ඩොලර් 5000 ක දඩයක් පණවන නව නීතියක් පර්ත් හි නාගරික කවුන්සිලයක් විසින් සම්මත කරගෙන තිබෙනවා.

කාබනික අපද්‍රව්‍ය බැහැර කරන කොළ පැහැති බඳුනට එම නියමය බල පැවැත්වෙනු ඇති.

මේ අතර පර්ත් වික්ටෝරියා පාර්ක් නගරයේ කසළ බඳුන්වලින් දුර්ගන්ධයක් හමන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා වෙනම පිරිසක් බඳවා ගෙන ඇති බවටද සමාජ ජාල වාර්තා පළවී තිබුණා.

කෙසේවෙතත් එවැනි කිසිදු තීරණයක් ගෙන නැතැයි වික්ටෝරියා පාර්ක් නගරාධිපතිනිය අවධාරණය කර තිබෙනවා.

මෙම නව නීතිය පණවා ඇත්තේ කහ පැහැති 03 වන බඳුනක් ද හඳුන්වාදීමෙන් අනතුරුවයි.

ගෙවතු අලංකරණයේදී ඉවත් කෙරෙන ශාක කොටස් සහ තණකොළ වැනි දෑ එම බඳුනට බැහැර කල යුතු වනවා.

Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

Read More »
Latest news

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »