ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම යලිත්? දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වසා දමයි. – AusLanka TV – Australian News for the Sri Lankan community

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම යලිත්? දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වසා දමයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම යලිත්? දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වසා දමයි.

ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානම යලිත්? දිවුලපිටිය සහ මිනුවන්ගොඩ වසා දමයි.

දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තවක් හට කොරෝනා රෝගය අසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඇය මේ වන විට IDH රෝහලට ඇතුලත් කර ඇති අතර දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශ වලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

උණ රෝගී තත්වයක් හේතුවෙන් ගම්පහ මහා රෝහලින් ප්‍රතිකාර ලබා සුවවී ආපසු යන අවස්ථාවේ සිදු කල PCR පරීක්ෂණය මගින් මෙම රෝගියා COVID-19 අසාධිතයෙකු බව තහවුරු උනා.  ඒ අනුව ගම්පහ රෝහලේ කාර්යමණ්ඩලය 15 දෙනක් මෙන්ම ඇය සේවය කරන මිනුවන්ගොඩ brandix ඇඟලුම් කම්හලේ 40 දෙනෙකු පමණද මේ වන විටත් නිවෙස් නිරෝධායනයට යොමු කොට තිබෙනවා. තවදුරටත් ඇයගේ අශ්‍රිතයින් හඳුනාගනිමින් සිටින අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ ප්‍රථිපල අනුව ඉදිරි සෞඛ්‍ය ආරක්ෂණ පියවර සකස් කෙරෙනු ඇති.

මේ මොහොතේ යලිත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කරන ලෙසත් සෞඛ්‍ය අංශ ඉල්ලා සිටිනවා.

COMMENTS