
ඔප්ටස් සමාගමට එල්ලවූ සයිබර් ප්‍රහාරයත් සමග Privacy act හෙවත් පුද්ගලිකත්වය පිළිබඳ පනත ද සංශෝධනය කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.
ෆෙඩරල් රජයේ නීතිපති Mark Dreyfus සඳහන් කලේ ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් පසු එම ලේඛන ළග තබා ගැනීමට සමාගම්වලට අවශ්‍යතාවයක් නොමැති බවයි.
ඔස්ට්‍රේලියාවේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේ ජනප්‍රියතම ක්‍රමය වන්නේ 100 point identity check හෙවත් ලකුණු 100 අනන්‍යතා පරීක්ෂණයයි.

මෙම ක්‍රමය යටතේ පාරිභෝගිකයින්ගේ රියදුරු බලපත්‍රවල, විදෙස් ගමන් බලපත්‍රවල පිටපත් අදාළ සමාගම් ඉල්ලා සිටිනු ලබනවා.
අනන්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ලේඛන සහ දත්ත ඉවත් කළ යුතු බව නීතිපතිවරයාගේ මතයයි.

වංචාවට එරෙහිව පියවර ගැනීම සඳහායි මෙම ලකුණු 100 අනන්‍යතා පරීක්ෂණය 1988 සිට ක්‍රියාත්මක වීම ආරම්භ කෙරුණේ.
අදාළ ලේඛන වර්ග සඳහා ලකුණු වෙන් කර ඇති අතර විදේශ ගමන් බලපත්‍රයට, උප්පැන්න සහතිකයට සහ පුරවැසි සහතිකයට ලකුණු 70 බැගින් ලබාදෙනවා.
රියදුරු බලපත්‍රයකට වෙන් කර ඇති ලකුණු සංඛ්‍යාව 40 ක්.
වැඩි වශයෙන් දත්ත ගබඩා කර ඇති තරමට, එය ආරක්ෂිතව තබා ගැනීම පිළිබඳ විශාල ගැටළුවක් මතුවන බව නීතිපතිවරයා පෙන්වා දෙනවා.