ලබන ඉරිදා සිට ප්‍රාන්ත රැසක් පැයකින් ඉදිරියට

Daylight saving ක්‍රමය ආරම්භවීමත් සමග ලබන ඉරිදා සිට ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසක වේලාව පැයකින් ඉදිරියට දැමීමට නියමිතයි.

ඒ අනුව බටහිර ඔස්ටේ්‍රලියාව – Northern Territory සහ ක්වීන්ස්ලන්ඩ් හැර අනෙකුත් සෑම ප්‍රාන්තයකම දැනට පවතින වේලාව ලබන ඉරිදා අලුයම 02 සිට පැයකින් ඉදිරියට දැමෙනු ඇති.

ජංගම දුරකථන – පරිඝණක – අත් ඔරලෝසු වැනි ඩිජිටල් උපාංගවල වේලාව ස්වයංක්‍රීයව වෙනස් වනු ඇති නමුත් බිත්ති ඔරලෝසු වැනි උපාංගවල වේලාව වෙනස් කල යුතු වනවා.

නැවත වරක් අප්‍රේල් පළමු සතියේදී සම්මත ඔරලෝසු වේලාව පැයකින් ආපස්සට ගමන් කරනු ඇති.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා – ටස්මේනියා සහ ACT යන ප්‍රාන්ත සඳහා මෙම සංශෝධනයන් බලාත්මක වනවා.

1992 වසරේදී පැවති ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේප වීමත් සමගයි ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ Daylight saving ක්‍රමය ක්‍රියාත්මක නොවන්නේ.

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යාමෙන් 670ක් මියගොස් ඇතැයි තොරතුරු

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ උස්බිම් ප්‍රදේශයක සිදු වූ නාය යෑමෙන් පුද්ගලයන් 670 කට වැඩි පිරිසක් මේ වන විට මිය ගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

LPL තරඟාවලියේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාක්ට

2015 වසරේ ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ( LPL 2024) තරගාවලියේ සන්නාම තානාපති ලෙස පත් කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ජාතික වනෝද්‍යාන පිහිටුවීමට එරෙහිව විරෝධතාවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ තවත් ජාතික වනෝද්‍යාන පිහිටුවීමේ සැලසුමට එරෙහිව විශාල පිරිසක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »