අගමැති ඇල්බනීස්ගෙන් ඔප්ටස් සමාගමට රතු එළියක්

සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් නව නීති ගෙන ඒමට ලේබර් පක්ෂ රජය සූදානම් බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියසිටියේ ග්‍රාහකයන්ගේ පුද්ගලික දත්ත ආරක්ෂා කල නොහැකි සමාගම්වලට එරෙහිව දැඩි පියවරක් ගත යුතු බවයි.

කිසියම් අයෙකුට අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට සිදුවුවහොත් ඊට වැයවන පිරිවැය ඔප්ටස් සමාගම විසින් දැරිය යුතු බවද අගමැතිවරයා අවධාරණය කලා.

මේ අතර medicare කාඩ්පත් අංක 37,000 ක් පමණ මෙහිදී සොරා ගැනීමට ලක්වී ඇතැයි ඔප්ටස් සමාගම තහවුරු කර තිබෙනවා.

ඉන් 15,000 ක් පමණ තවමත් සක්‍රීය මට්ටමේ පවතින ඒවායි.

Coles සහ Woolworths දැන දැන කල හොර වැඩක් හෙළිවෙයි

සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇතැයි කියන චෝදනා සම්බන්ධයෙන් Coles සහ Woolworths යන සුපිරි වෙළඳසැල් ජාලවලට එරෙහි නඩුවක් ෆෙඩරල් අධිකරණයක් හමුවේ විභාග කිරීම ආරම්භ වී තිබෙනවා.

Read More »

තමන්ව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගන්නැයි IS සටන්කාමීන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක්

සිරියාවේ රැඳවුම් කඳවුරක සිටින ඔස්ට්‍රේලියානු පුරවැසි කාන්තාවන් සහ ළමුන් පිරිසක් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

සමාන රැකියාවට සමාන වැටුපට විරෝධයක්

එකම ආයතනයක සමාන මට්ටමේ රැකියා කරන සියල්ලන්ට සමාන වැටුපක් දිය යුතු බවට ෆෙඩරල් රජය විසින් ගෙන ඒමට යන සංශෝධනයට මහා පරිමාණ ව්‍යාපාර මෙන්ම සුලු පරිමාණ ව්‍යාපාර හිමියන්ද විරෝධය පළ කර තිබෙනවා.

Read More »

ගුවන් ගාස්තු අඩු කරන්නැයි ෆෙඩරල් රජයට නිර්දේශ

අවලංගු කෙරෙන සහ ප්‍රමාදයන්ට ලක්වන ගුවන් ගමන් වාර වෙනුවෙන් මගීන්ට නිසි වන්දි හිමිවන ක්‍රමවේදයක් සකස් කිරීමට ෆෙඩරල් රජය වහා පියවර ගත යුතු බව ඔස්ට්‍රේලියා පාරිභෝගික කොමිසම පවසනවා.

Read More »