Search

මෙල්බන් ක්‍රවුන් කැසිනෝ අසල අවන්හලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

මෙල්බන් ක්‍රවුන් කැසිනෝ සංකීර්ණය අසල අවන්හලකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කල පුද්ගලයෙකුට ඇප ලබාදීම මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

39 හැවිරිදි සැකකරු අද අලුයම 01 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර තිබුණා.

එහිදී අදාළ අවන්හලේ ඉදිරිපසට සැළකිය යුතු හානියක් සිදුවී ඇති බව සඳහන්.

අවන්හලේ සේවිකාවන්ට ලිංගික අතවර කිරීමට තැත් කිරීමද මෙම තැනැත්තාට එරෙහි චෝදනා අතර වනවා.

https://www.9news.com.au/national/crown-casino-man-charged-after-restaurant-by-melbournes-crown-casino-set-on-fire/2cb2311a-9ee3-4fa0-a6c2-a29701b88252