ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පෙරමුණ ට

ප්‍රවීනයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඔවුන් මේ වන විට පැවැති තරග 04ක් ජය ගනිමින් හිමිකර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 18 ක්.

එම ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායමයි.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ 03 වන ස්ථානයයි.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අපරාජිත වාර්තාව ආරක්ෂා කර ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ඊයේ නැවතත් සමත්වුණා.

ඒ බංග්ලාදේශ ප්‍රවීණයන්ගේ කණ්ඩායමට එරෙහිව ළකුණු 70 ක ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 05ක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කල බංගලාදේශ ලෙජන්ඩ්ස් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර පන්දුවාර 20 අවසානයේ කඩුළු 08 ක් දැවී ලබාගත්තේ ළකුණු 143 ක් පමණයි.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »