
අද පෙරවරුවේ සිට ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණෙන ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාවේ ඉහළයාමක් නිරීක්ෂණය වනවා.
පසුගිය මාර්තු මාසයේදී ලබාදුන් ඉන්ධන බදු සහනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්වීමයි ඊට හේතුව වන්නේ.
හෙටින් පසු ඔස්ටේ්‍රලියාව තුළ පෙට්‍රල් මිළ ගණන් ඉහළ යනු ඇතැයි වාර්තා පළවීමත් සමගයි අද දිනයේදී ඉන්ධන වැඩි වශයෙන් ලබාගැනීමට ඔස්ටේරිලියානුවන් පෙළඹී ඇත්තේ.

කෙසේවෙතත් බදු සහනය ඉවත් කල පමණින් හෙට සිටම ඉන්ධන මිළෙහි වැඩිවීමක් අපේක්ෂා නොකෙරෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලා.
ඉන්ධන බදු සහනය ඉවත් කිරීමත් සමග ඉදිරි දිනවලදී පෙට්‍රල් ලීටරය ඩොලර් 02 ඉක්මවා යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
