
ඉදිරියේදී තවත් සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බැවින් ඒවාට මුහුණදීමට හැකි පරිදි පුද්ගලික දත්ත ආරක්ෂා කරගන්නැයි සයිබර් ආරක්ෂණ විද්වතුන් ඔස්ටේ්‍රලියානුවන්ට දන්වා සිටිනවා.
ඔප්ටස් සමාගමේ පාරිභෝගිකයන් 10,000 කගේ පමණ පුද්ගලික තොරතුරු මේ වනවිටත් අඩවි හරහා ප්‍රසිද්ධියට පත්වී අවසන්.
එම තොරතුරු උපයෝගී කරගනිමින් වෙනත් පාර්ශවයන් විසින් ද සයිබර් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවයි සයිබර් ආරක්ෂණ විද්වතුන් පවසන්නේ.

එබැවින් පුද්ගලික ගිණුම්වල මුරපද වෙනස් කිරීම වැනි ආරක්ෂක පියවර වහා අනුගමනය කරන ලෙසද දැනුම්දීමක් සිදුකෙරෙනවා.
මේ අතර අමෙරිකානු ඩොලර් මිලියනයක කප්පමක් දෙන ලෙස අදාළ සයිබර් ප්‍රහාරකයන් කල ඉල්ලීම ඔප්ටස් සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
