
ලේබර් පක්ෂ රජයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් වූ ස්වාධීන දූෂණ මර්දන කොමිසමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.
රජයෙන් ස්වාධීනව වෙනම ආයතනයක් ලෙස එය ක්‍රියාත්මක වනු ඇති.
ඒ අනුව ෆෙඩරල් මහජන සේවයේ නිරත ඕනෑම බලතලයක් හොබවන අයෙකු විමර්ශනයට මේ යටතේ බලතල හිමිවනවා.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ට සිය මූලාශ්‍ර ආරක්ෂා කර ගැනීමටද මේ යටතේ ප්‍රතිපාදන හිමිවීම විශේෂත්වයක්.
නව ස්වාධීන දූෂණ මර්දන කොමිසමේ මහජන සැසිවාර ප්‍රසිද්ධියේ පැවැත්වෙනු ඇති.
