
ඔස්ටේ්‍රලියාවේ විශාලතම බලශක්ති ගබඩා මධ්‍යස්ථානය වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදි කිරීමට සැළසුම් කර තිබෙනවා.
ඩොලර් බිලියන 1.7 ක වියදමින් ප්‍රාන්තයට හඳුන්වාදෙන බලශක්ති පැකේජයට එයද ඇතුළත් බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.
2030 වසර වනවිට ගිගාවොට් 2.6 ක ධාරිතාවයක් මෙහි ගබඩා කිරීමට සැළසුම් කර ඇති අතර 2035 වසර වනවිට එය ගිගාවොට් 6.3 දක්වා ඉහළ දැමීමට යෝජිතයි.

මේ යටතේ නව රැකියා අවස්ථා 12,700 ක් බිහිවනු ඇති බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.
ප්‍රධාන ව්‍යාපෘතියට සමගාමීව තවත් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ගණනාවක්ද ආරම්භ කෙරෙනු ඇති.
