නවසීලන්තයේ පිරිමින්ට උසස් අධ්‍යාපනය එපාවෙයි

නවසීලන්තයේ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් වන පිරිමි සිසුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් පහළ ගොස් තිබෙනවා.

2016 වසරේදී පිරිමි සිසුන්ගේ ප්‍රතිශතය සියයට 42 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය සියයට 39 ක් දක්වා පහත වැටී ඇති බව සඳහන්.

මෙම අගය මහා බ්‍රිතාන්‍යය සහ ඔස්ටේ්‍රලියාවටත් වඩා අඩුවී තිබීම විශේෂත්වයක්.

බ්‍රිතාන්‍යයේ සරසවි සිසුන් අතුරින් සියයට 43 ක් සහ ඔස්ටේ්‍රලියාවේ සියයට 44 ක් පිරිමි සිසුන් වනවා.

ගතවු වසර 02 සලකා බැලීමේදී නවසීලන්ත විශ්ව විද්‍යාල වෙත ඇතුළත්වන සමස්ත සිසුන් සංඛ්‍යාව වැඩිවී ඇතත් ඉන් අති බහුතරය කාන්තා පාර්ශවය බවද සඳහන්.

ඇතැම් රැකියා සඳහා ඉහළ නිපුණතා සහිත පිරිමින් පමණක් යොදාගැනීමට සිදුවී තිබියදී මෙම සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් සතුටුවිය නොහැකි බවයි නවසීලන්ත බලධාරීන් පෙන්වා දෙන්නේ.

මේ හරහා සිදුවන්නේ අඩු අධ්‍යාපනයක් සහිත තරුණයන් රැකියා සඳහා යොමුවීමෙන් රැකියා වෙළඳපොළ තත්වය පහළයාම බවත් ඔවුන්ගේ ස්ථාවරයයි.

Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »
Latest news

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »