Search

ජැකලින් වෙස් වලාගෙන ඇවිත් ඇප ගනී

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් බැදුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි පටියාලා හවුස් අධිකරණය නියෝග කර තිබේ.

ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පමක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ් චන්ද්‍රෂේකර්ට එරෙහි නඩුවක විත්තිකාරියක් ලෙස  ජැකලින් ෆර්නැන්ඩස් නම් කර තිබුණි.

ඊට අදාළව ඇය අද අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එහිදී ඉන්දීය රුපියල් 50,000ක බැදුම්කරයක් මත ජැකලින් මුදා හැරීමට නියෝග කර තිබේ.

අධිකරණය හමුවේ පෙනී සිටීම සදහා ජැකලින් ෆර්නැන්ඩස් වෙස් වලා ගනිමින් පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබීම විශේෂත්වයකි.

අදාළ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුනේ ජැකලින් ෆර්නැන්ඩස් සුදු කමිසයකින් සහ කළු කලිසමකින් සැරසී නීතීඥවරියක් ලෙස අධිකරණය තුළට ගොස් ඇති බවය.

කෙසේ වෙතත් ඇප ලැබීමෙන් අනතුරුව ඇය අධිකරණයෙන් පිටතට පැමිණි අයුරු ඉන්දීය මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »