ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂව බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුම වාර්තාගත අන්දමට පහළ වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් ඩොලරයට සාපේක්ෂාව, බි්රතාන්ය ස්ටර්ලිං පවුම මෙසේ පහළ වැටුණේ 1971 වසරෙන් පසුව බවය.
විශාල වශයෙන් ලබාගත් ණය යොදාගෙන එරට ජනතාවට බදු සහන ලබාදීමට සැලැස්මක් බ්‍රිතාන්‍ය මුදල් අමාත්‍යංශ බලධාරීන් එළිදැක්වීමත් සමග එරට මූල්‍ය වෙළෙඳපොළෙහි දැඩි වෙනසක් සිදුව තිබුණි.
අමෙරිකානු මහ බැංකුව දිගින් දිගටම පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
ආසියානු මූල්‍ය වෙළෙඳපොළෙහි ඩොලරයට සාපේක්ෂව යුරෝ වේ වටිනාකමද වසර 20කට පසු අඩුම අගය වාර්තාකර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.