කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදියේ දීප්තිමත් පොත් ගංගාවක්  – AusLanka TV – Australian News for the Sri Lankan community

කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදියේ දීප්තිමත් පොත් ගංගාවක් 

කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදියේ දීප්තිමත් පොත් ගංගාවක් 

කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදියේ දීප්තිමත් පොත් ගංගාවක්

Literature illuminates Toronto’s Hagerman Street in Canada

පහත​ ඡායාරූපවලින් ඔබ දකින්නේ කැනඩාවේ කාර්ය බහුල නගරයක් වන ටොරොන්ටෝ හි ඇති හේගර්මන් වීදිය (Hagerman Street) සම්පූර්ණයෙන්ම ගමනා ගමනයට වසාදමා එම වීදිය සම්පූර්ණයෙන්ම පොත් අතුරා දීප්තිමත් පොත් ගංගාවක් ආකාරයට පුරවා ඇති ආකාරයයි.

මෙය ක්‍රියාව වාර්ෂිකව උත්සවයක් ලෙස සමරනු ලබන අතර ගමනා ගමනයේ අධික වාහන තදබදය, ශබ්ද හා පරිසර දූෂණය යන පොදු ප්‍රශ්ණයන්ට එරෙහිව සාහිත්‍ය තුළින් යම් විසඳුමක් සොයාගැනීමේ අරමුණෙන් නාගරික ප්‍රශ්ණ සඳහා මැදිහත්වීම් සිදුකරන නිර්නාමික කණ්ඩායමක් වන ‘ලුසින්ටෙරුප්ටස්’ (Luzinterruptus)විසින් කරගෙන යනු ලබන වැදගත් ව්‍යාපෘතියකි.

ඔවුන්ගේ මේ නවතම ව්‍යාපෘතිය සඳහා කලාත්මකව සකසන ලද දිලිසෙන පොත් 10,000 කින් යුත් ගංගාවක් මෙම වීදිය පුරා ඇතිරීම කරන ලදී. මෙම පොත් ඇතිරීමේ කලාව එරට පැවති ‘නුයිට් බ්ලැන්ච් 2016’ (Nuit Blanche 2016) සැනකෙළියේ එක් අංගයක් ලෙස ආරම්භ වූ අතර එය නිදි නැති රාත්‍රියක් පුරාවට පැවැත්වෙන කලා උළෙලකි.

COMMENTS