භාණ්ඩ ගෙන පසුව මුදල් ගෙවීමේ අලුත් ක්‍රමයක් අද සිට

වෙළඳසැල තුළදී භාණ්ඩ මිළයට ගෙන පසුව මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් Bunnings විසින් අද සිට හඳුන්වාදී තිබෙනවා.

භාණ්ඩ මිළදී ගැනීමෙන් පසු Afterpay ඇප්ලිකේෂනය භාවිත කිරීම පමණක් මෙහිදී සිදුකල යුතුයි.

මිළදී ගත යුතු භාණ්ඩවල අවම වටිනාකමක් නොමැතිවිම සුවිශේෂී කරුණක්.

සති 06 ක් ඇතුළත වාරික 04 කින් අදාළ වටිනාකම ගෙවීමට පාරිභෝගිකයන්ට අවස්ථාව පවතිනවා.

කිසියම් අයෙකුට නියමිත දිනයේදී වාරිකය ගෙවීමට නොහැකිවුවහොත් සියයට 25 ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුවන අතර එහි උපරිමය ඩොලර් 68 ක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »